ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ජපාන රජය විසින් යෙන් මිලියන 300ක් ප්‍රදාන ආධාර ලබා දීම සඳහා එකඟත්වය පළ කර තිබෙනවා.
ඒ අනුව එම මුදල් බස්නාහිර, උතුර සහ නැගෙනහිර පළාත්වල පළාත්පාලන ආයතනයන් හි කසළ කළමනාකරණ ධාරිත්වය වැඩි කිරීමට Garbage Compactors 28ක් ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සඳහන්.
ශ්‍රී ලංකාව පිරිසිදු තිරසාර සහ පාරිසරික වගකීම් සහිත මොඩලයක් බවට පත් කිරීම Clean Sri Lanka වැඩසටහන යටතේ අපේක්ෂා කරනු ලබන අතර ඒ සඳහා වැඩි දියුණු කළ කසළ කළමනාකරණ යටිතල පහසුකම් නොමැති වීම එම වැඩසටහනේ දැක්ම ළඟා කර ගැනීමට ප්‍රධාන බාධාවක් ලෙස හඳුනාගෙන තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලබන අතර එකී ව්‍යාපෘතිය යටතේ බස්නාහිර පළාත සඳහා 14ක්, නැගෙනහිර පළාත සඳහා 8ක් සහ උතුරු පළාත සඳහා 06ක් වශයෙන් Garbage Compactors බෙදාහැරීමට යෝජිතයි.
ඒ අනුව, ජපාන ආර්ථික සහ සමාජ සංවර්ධන වැඩසටහන යටතේ එකී ප්‍රදානය ලබා ගැනීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා