Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මින් ඉදිරියට අමාත්‍යවරුන්ට අධි සුඛෝපභෝගී නිල නිවාස නෑ

මින් ඉදිරියට අමාත්‍යවරුන්ට අධි සුඛෝපභෝගී නිල නිවාස නෑ

මින් ඉදිරියට අමාත්‍යවරුන්ට අධි සුඛෝපභෝගී නිල නිවාස නෑ

මින් ඉදිරියට අමාත්‍යවරුන් සඳහා අධි සුඛෝපභෝගී නිල නිවාස ලබා දීම අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.
රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතා පැවසුවේ, එවැනි නිවාස 30ක් සම්බන්ධයෙන් මේ වන විට තක්සේරු කටයුතු ආරම්භ කර ඇති බවයි.

මීට අමතරව නිල නිවාස ලෙස අමාත්‍යාංශය යටතේ ඇති නිවාස 20ක් සම්බන්ධයෙන් සහ දිස්ත්‍රික්ක මට්ටමින් ස්ථාපිත බංගලා 15ක පමණ තක්සේරු කිරීම්ද මේවන විට සිදුකෙරෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එම කටයුතුවලින් පසු අධි සුඛෝපභෝගී නිවාස කුමන කටයුත්තක් සඳහා යොදා ගන්නේද යන්න තීරණය කරන බවද, අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය ඇතුළු වඩාත් ඵලදායි කටයුත්තක් වෙනුවෙන් එම නිවාස යොදා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවයි.

Exit mobile version