Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

චීනයට නව කන්සියුලර් කාර්යාලයක්

චීනයට නව කන්සියුලර් කාර්යාලයක්

චීනයට නව කන්සියුලර් කාර්යාලයක්

චීනයේ, වෙන්දු (Chengdu) නගරය ආශ්‍රිතව ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලයක් පිහිටුවීමට කටයුුතු කරන බව රජය පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන සංචාරයේදී මේ සම්බන්ධයෙන් සාකච්ජාවට ලක්වූ බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ චීන සංචාරය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද දින (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

වෙන්දු ප්‍රාන්තයේ ප්‍රාන්ත ප්‍රධානියා අදාළ කොන්සියුලර් කාර්යාලය පිහිටුවීම සඳහා අවශ්‍ය ඉඩකඩ නොමිලේ ලබා දීමට එකඟතාවය පළ කර ඇති බව මෙහිදී ප්‍රකාශ විය.

ජනාධිපතිවරයාගේ චීන සංචාරයේ දී දෙපාර්ශවය අතර ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික සහයෝගීතාවය වර්ධනය කරගැනීමට ගැඹුරු සාකච්ඡාවක නිරත වූ බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

Exit mobile version