Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ත්‍රස්ත විරෝධී පනත ගැන ආණ්ඩුවේ තීරණයක්

නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීමට මහජන අදහස් විමසයි

නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීමට මහජන අදහස් විමසයි

නව පනතක් සම්මත කරගන්නා තෙක් පවතින ත්‍රස්ත විරෝධී පනත ඉතා පරිස්සමෙන් පවත්වාගෙන යන බව සභානායක බිමල් රත්නායක පවසයි.

ත්‍රස්ත විරෝධී පනත ආණ්ඩුවේ අභිලාශය හෝ ප්‍රතිපත්තිය නොවන බවද සභානායකවරයා අද දින (21) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

“ත්‍රස්ත විරෝධී පනත ගැන කියන්න තියෙන එකම දේ තමයි. ඒක අපේ අභිලාශයවත් ප්‍රතිපත්තියවත් නෙමෙයි. නමුත් අලුත් පනතක් සකස්කරන තෙක් රටේ තිබෙන නීතිය අපට ඉතාම පරිස්මෙන් පාවිච්චි කරන්න ඕනේ. මොකද අපි ආණ්ඩුවක් කරන්න ඕනේ පනත් සම්මත වෙනතුරු. ඒ නිසා අධිකරණ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් මේ සභාවට පිළිතුරුදීලා තියෙනවා.”

Exit mobile version