Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දුනීසියාව BRICS සංවිධානය සමග සක්‍රීයව එක්වෙයි

ඉන්දුනීසියාව BRICS සංවිධානය සමග සක්‍රීයව එක්වෙයි

ඉන්දුනීසියාව BRICS සංවිධානය සමග සක්‍රීයව එක්වෙයි

සංවර්ධනය වෙමින් පවතින දැවැන්ත රටක් මෙන්ම ගෝලීය දකුණේ වැදගත් බලවේගයක්ද වන ඉන්දුනීසියාව, BRICS + සහයෝගීතාව සමඟින් සක්‍රීය ලෙස එක්වී තිබේ.

ඒ අනුව ඉන්දුනීසි‍යාව BRICS හි නිල සාමාජික රටක් බවට පත් වීම චීනය සාදරයෙන් පිළිගන්නා බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකවරයා පසුගිය සඳුදා දින (06) නිල වශයෙන් ප්‍රකාශ කලේය.

එලෙස BRICS සමඟින් ඉන්දුනීසියාව එක් වීම BRICS රටවල් හා ගෝලීය දකුණේ රටවල පොදු ප්‍රතිලාභ සඳහා වඩා යෝග්‍ය බවත්, ඉන් BRICS ක්‍රියාකාරීත්වයේ සංවර්ධනයට මනා දායකත්වයක් වන බවත් ඔහු පෙන්වා දී තිබේ.

එබැවින් ඉන්දුනීසියාව සහ සෙසු BRICS රටවල් සමඟ වඩාත් විස්තීරණ බව, සමීප බව, ප්‍රායෝගික බව මෙන්ම පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩ නැඟී‍ම ප්‍රවර්ධනයට දැවැන්ත දායකත්වයක් දැක්වීමට චීනය කැමැත්තෙන් සිටින බවද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකවරයා අවධාරණය කර ඇති බවද සඳහන්.

Exit mobile version