මොළයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම සඳහා සමාජය දැනුම්වත් කිරීමේ සන්නාම තානාපතිවරුන් 100 දෙනෙකු පුහුණු කිරීමේ වැඩපිළිවෙලක් ඇරඹේ.
ඒ අනුව මොළයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම සඳහා සමාජය දැනුම්වත් කිරීමේ අරමුණින් සිදුකරෙන වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේදී සිදුකෙරිණි.
එම විශ්වවිද්‍යාලය හා ඊට අනුබද්ධ රෝහල මගින් එම ආයතන දෙකෙහි සියලු අංශ නියෝජනය වන පරිදි තෝරා ගත් කාර්ය මණ්ඩලයේ 100 දෙනෙකු සතියක විශේෂ පුහුණුවකින් පසුව සන්නාම තානාපතිවරුන් හෙවත් ජනතාව දැනුම්වත් කිරීමේ නියෝජිතයින් ලෙස ස්වේච්ඡා සේවය සඳහා යොමු කරනු ඇත.