Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කෙරේ.

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව සංශෝධන පනත් කෙටුම්පත සම්මත වෙයි

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව සංශෝධන පනත් කෙටුම්පත සම්මත වෙයි

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා කොමිසමේ සාමාජිකයින් වෙත අද (13) ජනාධිපති කාර්යාලයේදී ලබා දි තිබේ.

ඒ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා පත් කර තිබෙනවා.

ඩේමියන් අමල් කබ්රාල්, මොහාන් රේ අබේවර්ධන, සංජය කුලතුංග සහ ආචාර්ය හර්ෂ සුබසිංහ එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස නම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

Exit mobile version