Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

චීනය සිය රට තුළ 5G ජාල ව්‍යාප්ත කිරීමේ ඉලක්කය සම්පූර්ණ කරයි

චීනය, රට තුළ 5G ජාල ව්‍යාප්ත කිරීමේ ඉලක්කය සම්පූර්ණ කරයි

චීනය, රට තුළ 5G ජාල ව්‍යාප්ත කිරීමේ ඉලක්කය සම්පූර්ණ කරයි

චීනයේ 5G ජාල ව්‍යාප්ත කිරීමේ සහ සංවර්ධන ඉලක්ක නියමිත කාලයට පෙර සම්පූර්ණ කර ඇති බව චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා.

ඊයේ ශැංහයි හි පැවති චීන 5G සංවර්ධන සමුළුවට එක් වෙමින්, එරට කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය Zhang Yunming මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

චීන රජයේ මධ්‍යස්ථාන, සංස්කෘතික සහ සංචාරක ස්ථාන මෙන්ම ප්‍රධාන ප්‍රවාහන මාර්ග වැනි ගමනාගමන ස්ථානද 5G ජාලයෙන් සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇති අතර ග්‍රාමීය හා දුරස්ථ ප්‍රදේශවල අඛණ්ඩ ව්‍යාප්තියද පුළුල් කර ඇති බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම, 5G තාක්ෂණය‍ 5G-A තාක්ෂණ මට්ටම දක්වා උසස් කිරීම ක්‍රමානුකූලව ප්‍රවර්ධනය කළ යුතු බවත් මූලික තාක්ෂණික පර්යේෂණ ශක්තිමත් කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා එම රැස්වීමේදී පෙන්වා දී තිබෙනවා.

5G-A තාක්ෂණය, 5.5G තාක්ෂණය ලෙසද හැඳින්වෙන අතර එය 5G තාක්ෂණයේ සිට 6G තාක්ෂණය දක්වා පරිවර්තනය කිරීමේ තාක්ෂණයක් වන අතර මේ වන විට චීනයේ ප්‍රධාන විදුලි සන්නිවේදන ක්‍රියාකරුවන් 5G-A ජාල රට පුරා ව්‍යාප්ත කිරීම ද අරඹා ඇති බවයි චීන මාධ්‍ය පවසන්නේ.

Exit mobile version