Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වගා හානි ගැන 10 වැනිදාට පෙර දැනුම් දෙන්නැයි ඉල්ලීමක්

වර්ෂාවෙන් වූ වගා හානිවලට හෙක්ටාරයකට රුපියල් ලක්ෂයක්

වර්ෂාවෙන් වූ වගා හානිවලට හෙක්ටාරයකට රුපියල් ලක්ෂයක්

පසුගිය දිනවල පැවති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් සිදු වූ වගා හානි පිළිබඳ ලබන 10 වැනිදාට පෙර දැනුම් දෙන්නැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගොවි ජනතාවට දැනුම් දෙයි.

එහි සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා සඳහන් කළේ, අනතුරුව නිලධාරීන් ගොවිබිම් වෙත ගොස් හානිය ඇස්තමේන්තු කරන බවයි.

ජලයෙන් යට වූ වගා බිම් 25%කට පමණ හානි වී ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර ජලයෙන් යටවී පූර්ණ හානි වූ වගාබිම් වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක් ගෙවන බව නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.

තවද පසුගිය දිනවල ඇති වූ අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් වගා සඳහා සිදු වූ හානි යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා සහය ලබාදිය හැකි බව ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසයි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා සමග පැවැති සාකච්ඡාවකදී එම සංවිධානයේ නියෝජිතයින් ඒ බව පවසා තිබේ.

Exit mobile version