Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ක්‍රිෂ් ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් අධිකරණයෙන් නියෝගයක්

ක්‍රිෂ් ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් අධිකරණයෙන් නියෝගයක්

ක්‍රිෂ් ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් අධිකරණයෙන් නියෝගයක්

කොළඹ කොටුවේ ක්‍රිෂ් ගොඩනැගිල්ලේ අනතුරුදායක කොටස් සති දෙකක් ඇතුළත ඉවත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට අද (06) නියෝග කළේය.

කොළඹ කොටුව ඉදිකිරීම් අතහැර දමා ඇති මහල් 60කින් යුත් ක්‍රිෂ් ගොඩනැගිල්ලෙන් ඇතැම් කොටස් පසුගිය දිනවල බිමට පතිත වී තිබුණි.

ඊට එරෙහිව කොටුව පොලීසිය, අධිකරණය හමුවේ නඩු පැවරීමටද කටයුතු කෙරුණි.

ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කරමින් කියා සිටියේ මහජන පීඩාවක් නොවන අයුරින් මෙම ගොඩනැගිල්ල පවත්වාගෙන යා යුතු බවයි.

පහතට වැටෙන සහ වැටිය හැකි අබලි ද්‍රව්‍ය ඇත්නම් ඒවා සති දෙකක් තුළ ඉවත් කළ යුතු බව නියෝගයේ සඳහන්වේ.

ක්‍රිෂ් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ දින 55තුළ එම කොටස් ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි.

එතරම් කාලයක් ගැනීම නුසුදුසු බව කොටුව පොලිස් ස්ථානාධිපති ලක්මාල් විජේරත්න මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව සති දෙකක් තුළ එම ද්‍රව්‍ය ඉවත් කිරීමට නියෝග කෙරුණි.

Exit mobile version