අග්‍රාමාත්‍ය කාර්යාලයේ දැනට පවතින අතිරේක ලේකම් තනතුරු පුරප්පාඩු 02ක් සඳහා පත් කිරීම් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ඉදිරිපත් කල යෝජනාවටයි මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ.
ඒ අනුව ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි ජේ.එම්.අයි.ආර්.කේ. ජයසුන්දර මහතා සහ ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ I ශ්‍රේණියේ නිලධාරිනි චාන්දනී සාගරිකා බෝගභවත්ත මහත්මිය මෙම තනතුරු සඳහා නම් කර තිබෙනවා.
ජේ.එම්.අයි.ආර්.කේ.ජයසුන්දර මහතා මේ වන විට කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයෙකු වශයෙන් සේවය කරනු ලබන අතර චාන්දනී සාගරිකා බෝගභවත්ත මහත්මිය මේවන විට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරියක වශයෙන් සේවය කරනු ලබනවා.
ඇයව අදාළ තනතුරේ පූර්ණකාලීනව වැඩබැලීම සඳහා පත් කිරීමටයි යෝජනා වී ඇත්තේ.
එමෙන්ම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරේ පූර්ණකාලීව වැඩබැලීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරි එම්.ජී.සී.එස්. රණසිංහ මහතා පත් කිරීමටද අනුමැතිය හිමිව ඇති අතර ඔහු මේ වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු වශයෙන් සේවය කරනු ලබනවා.