Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්ධන මිලෙහි නව සංශෝධන

රජයේ වාහන සඳහා ඩිජිටල් ඉන්ධන කාඩ්පතක්

රජයේ වාහන සඳහා ඩිජිටල් ඉන්ධන කාඩ්පතක්

නොවැම්බර් අවසාන ඊයේ දින (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව රුපියල් 311ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් අඩුකර කර ඇති අතර, එහි නව මිල රුපියල් 309ක්.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල වෙනස් නොවන අතර එහි මිල දැක්වෙන්නේ 371ක් ලෙසයි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 03කින් වැඩි කර තිබෙනවා.
ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 286ක් ලෙසයි.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් වෙනස් කර නොමැති අතර එහි මිල 313ක් වනවා.

ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05කින් වැඩි කර තිබෙනවා.
එහි නව මිල 188ක් ලෙසයි දැක්වෙන්නේ.

Exit mobile version