2020 වසරේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග වදිමින්, මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබා ගෙන තිබුණු මනාප ඡන්ද 527,364 ක මනාප ප්‍රමාණය ඉක්මවා යන මනාප සංඛ්‍යාවක් සිකුරාදා (14) දිනයේ පැවති මහ මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග වැදුණු අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය විසින් ලබා ගෙන තිබුණි.
අග්‍රාමාත්‍යවරිය විසින් ලබාගෙන තිබුණු මනාප සංඛ්‍යාව 655,289කි.
එය නව වාර්තාවක් ලෙස සැලකුණද, එම වාර්තාව පැවතියේ ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් වන තෙක් පමණි.
ගම්පහ දිස්ත්‍රික් මනාප ඡන්ද ප්‍රතිඵල මීට සුළු මොහොතකට පෙර නිකුත් කර තිබුණු අතර, එම මනාප ප්‍රතිඵල අනුව, මනාප ඡන්ද 716,715ක ප්‍රමාණයක් අමාත්‍ය විජිත හේරත් විසින් ලබා ගෙන තිබේ.