Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බාල ඖෂධ නඩුවට අදාළව හිටපු කැබිනට් මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියෝග

බාල බෙහෙත් නඩුවට අදාළව හිටපු කැබිනට් මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියෝග

බාල බෙහෙත් නඩුවට අදාළව හිටපු කැබිනට් මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියෝග

බාල ඖෂධ නඩුවට අදාළව හිටපු කැබිනට් මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස අධිකරණයෙන් රහස් පොලිසියට නියෝග.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට මෙම ඖෂධ ගෙන්වීමට අනුමැතිය දුන් එවකට කැබිනට් මණ්ඩලයේ සිටි ජනපති, අගමැති ඇතුළු අමාත්‍යවරුන් 18 දෙනෙකුගේ ප්‍රකාශ ලබා ගැනීම මේ අනුව සිදුවනු ඇත.

ප්‍රමිතියෙන් තොර එන්නත් ඇතුළු ඖෂධ ගෙන්වීමේ සිද්ධියට අදාළ නඩුව මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (11) යළි කැඳවා ඇත.

මෙම ඖෂධ ආනයනය කිරීමට අනුමැතිය දුන් එවකට කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරුන් 18 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා නියෝගයක් ලබාදෙන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී ඉල්ලා සිට ඇති අතර ඒ අනුව අදාළ ප්‍රකාශ ලබා ගැනීමට මහේස්ත්‍රාත්වරිය අවසර ලබාදි තිබේ.

රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් කිහිප දෙනෙකු මේ වන විට ඇප මත මුදාහැර සිටින අතර පළමු සැකකරුවන සුගත් ජානක ප්‍රනාන්දු යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඔහු අංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ වෛද්‍ය වාර්තාව සීමාව ඉක්මවා ඉදිරිපත් කර ඇති බවද මහේස්ත්‍රාත්වරිය පැවසීය.

ඒ සම්බන්ධයෙන් පියවර ගන්නවාද නැද්ද යන්න මීළග නඩු වාරයේදී තීරණය කරන බවද මහේස්ත්‍රාත්වරිය දැනුම් දී ඇති අතර මෙම නඩුව ලබන 25 වනදා යළි කැදවීමට නියමිතයි.

Exit mobile version