Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හිටපු ඇමතිවරු භාවිත කළ නිල නිවාස 27ක් රජයට පවරා ගැනේ

හිටපු ඇමතිවරු භාවිත කළ නිල නිවාස 27ක් රජයට පවරා ගනී

හිටපු ඇමතිවරු භාවිත කළ නිල නිවාස 27ක් රජයට පවරා ගනී

හිටපු අමාත්‍යවරුන් භාවිත කළ නිල නිවාස වලින් 27ක් යළි රජයට පවරා ගෙන තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පැවසුවේ, තවත් එක් නිල නිවසක් පමණක් රජයට පවරා ගැනීමට ඇති බවයි. ඒ, හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා රැඳී සිටි නිල නිවසයි. එම නිවසට අදාළව ගෙවිය යුතු කුලී ගාස්තු අඩුපාඩුවක් මත නිවස රජයට පවරා ගැනීම ප්‍රමාද වී ඇතැයි අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළේ, එම කටයුතු කඩිනමින් අවසන් කර අදාළ නිල නිවසද, රජයට පවරා ගැනීමට කටයුතු කරන බවයි.

Exit mobile version