Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මූල්‍ය වංචාවක් ගැන සෞඛ්‍යය අමාත්‍යාංශයෙන් අනාවරණයක්

සෞඛ්‍ය සේවා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සෑම දිස්ත්‍රික්කයකටම මන්ත්‍රීවරයෙක්

සෞඛ්‍ය සෞඛ්‍ය සේවා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සෑම දිස්ත්‍රික්කයකටම මන්ත්‍රීවරයෙක්

සංවිධානාත්මක පිරිසක් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නම් භාවිතා කර මුදල් එකතු කිරී‍මේ ජාවාරමක නිරතව සිටින බව සෞඛ්‍ය අම‍ාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය සඳහන් කළේ, කිසිදු අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු නිලධාරියෙකු දුරකතන, WhatsApp හෝ කිසිදු මාධ්‍යයක් භාවිත කර මුදල් එකතු කිරීමේ ක්‍රියාවක නිරත නොවන බවයි.

එවැනි වංචාකරුවන්ට හසුවී බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කිරීමට හෝ වෙනත් මාධ්‍යවලින් මුදල් ප්‍රේෂණය කිරීමට යොමු වීමෙන් වළකින්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි.

එවැනි පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Exit mobile version