Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දියාවෙන් ත්‍රිකුණාමලයේ ධීවර ප්‍රජාවට හා මඩකලපුව ශික්ෂණ රෝහලට පරිත්‍යාග

ඉන්දියාවෙන් ත්‍රිකුණාමලයේ ධීවර ප්‍රජාවට, මඩකලපුව ශික්ෂණ රෝහලට පරිත්‍යාග

ඉන්දියාවෙන් ත්‍රිකුණාමලයේ ධීවර ප්‍රජාවට, මඩකලපුව ශික්ෂණ රෝහලට පරිත්‍යාග

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඊයේ දිනයේදි (03) ත්‍රිකුණාමලය ධීවර වෘත්තීය සමිතියේදී ත්‍රිකුණාමලයේ ධීවර ප්‍රජාව වෙත සංවර්ධන ආධාර පැකේජයක් භාර දුන්නේය.

දිස්ත්‍රික්කයේ ධීවර සංගම් 21ක් ඇතුළත් වන ත්‍රිකුණාමලය ධීවර වෘත්තීය සමිතිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ලබා දුන් මෙම ආධාරයට 40 HP බෝට්ටු එංජිමක්, අධි ශීතකරණ 3ක් සහ ජීවිතාරක්ෂක කබා ඇතුළත් විය.

අධි ශීතකරණ මගින් මත්ස්‍ය අස්වැන්න නැවුම්ව තබා ගත හැකි බැවින් ධීවරයන්ගේ ආදායම ඉහළ නැංවීමට එය උපකාරී වනු ඇත.

එංජිම සහ ජීවිතාරක්ෂක කබා මුහුදේ අතරමං වන හෝ අනතුරට පත් වන ධීවරයන් සහ බෝට්ටු බේරා ගැනීම සඳහා තීරණාත්මක සහයක් ලබා දෙනු ඇත.

මේ අතර ශ්‍රී ලංකා රුපියල් මිලියන 300කට අධික ඉන්දීය ආධාර යටතේ ඉදිකළ මඩකලපුව ශික්ෂණ රෝහලේ නව ශල්‍ය වෛද්‍ය ඒකකය අද දින (04) විවෘත කර තිබෙනවා.

මෙම ඒකකය මගින් රෝහලේ ශල්‍යකර්ම සඳහා පොරොත්තු ලේඛන 50% කින් අඩු කිරීමට අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සෑම වසරකම නව රෝගීන් 5000කට ආසන්න පිරිසකට ප්‍රතිලාභ සැලසීමටත්, කලාපයේ ගුණාත්මක සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීමටත් අපේක්ෂා කරන බව වැඩිදුරටත් සඳහන් වෙනවා.

Exit mobile version