Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රේෂ්ඨාධිකරණය නීතීඥවරයෙකුගේ නීතීඥභාවය වසර 5කට අත්හිටුවයි

ශ්‍රේෂ්ඨාධිකරණය නීතීඥවරයෙකුගේ නීතීඥභාවය වසර 5කට අත්හිටුවයි

ශ්‍රේෂ්ඨාධිකරණය නීතීඥවරයෙකුගේ නීතීඥභාවය වසර 5කට අත්හිටුවයි

නීතීඥවරයෙකුගේ නීතීඥ භාවය වසර 5කට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

ඒ කොළඹ මහාධිකරණය හමුවේ පැවති නඩුවක විත්තිකරුවෙකු වෙනුවෙන් පෙනී නොසිටීමේ චෝදනාවටයි.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා කළ පැමිණිල්ලකට අනුව පැවති විභාගයකින් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.

අදාළ වගඋත්තරකරුවෙනුවෙන් පෙනී සිටීමට මෙම නීතීඥවරයා රජයෙන් පත් කොට තිබූ අතර එහෙත් ඔහු විත්තිකරු වෙනුවෙන් දින තුනක් නොකඩවා අධිකරණය වෙනුවෙන් පෙනී සිට නොමැති අතරම වගඋත්තරකරු වරද පිළිගන්නා බවද අධිකරණයට දැනුම් දී ඇත.

කෙසේ වෙතත් ඔහු නීතීඥ ආචාර ධර්ම කඩවන ආකාරයෙන් කටයුතු කර ඇති බවටයි විනිසුරුවරුන් තීරණය කළේ. ඒ අනුව ඔහුට මෙසේ වසර 5ක කාලයක් නීතීඥභාවය අත්හිටුවීමට තීරණය කර ඇත.

මේ අතර නීතීඥ මදුර විතානගේ මහතාට අයත් පුද්ගලික බස් රථයක් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදාගත් බවට චෝදනා කරමින් එහි රියදුරුට එරෙහි පැමිණිල්ලක් පවත්වාගෙන යාමට නොහැකි බවටද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළා.

ඒ අනුව අදාළ බස් රථය සහ රියදුරුද මුදා හරින ලෙසයි අධිකරණය නියෝග කළේ.

Exit mobile version