Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉදිරි දෙවසර තුළ ලෝක ආර්ථික වර්ධන අපේක්ෂාව පිළිබඳ වාර්තාව නිකුත් කරයි

ඉදිරි දෙවසර තුළ ලෝක ආර්ථික වර්ධන අපේක්ෂාව පිළිබඳ වාර්තාව නිකුත් කරයි

ඉදිරි දෙවසර තුළ ලෝක ආර්ථික වර්ධන අපේක්ෂාව පිළිබඳ වාර්තාව නිකුත් කරයි

2024 සහ 2025 දෙවසර තුළ ලෝක ආර්ථිකය 2.7% කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ සමුළුව ඊයේ දිනයේදි (29) “2024 වෙළඳ හා සංවර්ධන වාර්තාව” නිකුත් කරමින් ඒ බව සඳහන් කළේය.

මෙම වසරේ සහ එළඹෙන වසරේ ලෝක ආර්ථික වර්ධනය 2001 සහ 2019 අතර සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය වන 3.0%ට වඩා අඩු වනු ඇතැයිද අපේක්ෂා කරන බව එම වාර්තාව සඳහන් කරයි.

ගෝලීය සංවර්ධන උපායමාර්ග පිළිබඳ යළි අවධානය යොමු කළ යුතු අතර ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය ප්‍රතිසංස්කරණය කළ යුතුය. එමෙන්ම බහුපාර්ශ්විකත්වය සඳහා වූ කැපවීම පුනර්ජීවනය කරමින් සංවර්ධනය වෙමින් පවතින රටවලට වඩා වැඩි සහයෝගයක් ලබා දිය යුතු බවද එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධන කටයුතු පිළිබඳ මහලේකම් Rebeca Grynspan මහත්මිය පැවසුවාය.

Exit mobile version