Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2025 වසර සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාතුව ලිට්‍රෝ සමාගමට

2025 වසර සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාතුව ලිට්‍රෝ සමාගමට

2025 වසර සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාතුව ලිට්‍රෝ සමාගමට

2025 වසර සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් වෙත 2025 වර්ෂය සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සපයා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් තනි අදියර ද්විත්ව කවර ක්‍රමය යටතේ ලංසු කැඳවා තිබුණි.

ඒ සඳහා M/s OQ Trading Limited සහ M/s Siam Gas Trading Pte Ltd. යන ආයතන දෙක පමණක් ලංසු ඉදිරිපත් කරනු ලැබීය.

කෙසේවෙතත්, ඒ සම්බන්ධයෙන් සිදු කළ තාක්ෂණ ඇගයීමේදී M/s Siam Gas Trading Pte Ltd. විසින් ඉදිරිපත් කරන ලද ලංසුව ප්‍රතික්ෂේප වී තිබේ.

ඒ අනුව, තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත සාරානුකූල ප්‍රතිචාරාත්මක ලංසුකරු වශයෙන් M/s OQ Trading Limited වෙත 2025 වර්ෂය සඳහා වන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

Exit mobile version