Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෙටි වැඩ සතියක් හඳුන්වා දීමෙන් අයිස්ලන්ත ආර්ථිකය යුරෝපය අභිබවා යයි

කෙටි වැඩ සතියක් හඳුන්වා දීමෙන් අයිස්ලන්ත ආර්ථිකය යුරෝපය අභිබවා යයි

කෙටි වැඩ සතියක් හඳුන්වා දීමෙන් අයිස්ලන්ත ආර්ථිකය යුරෝපය අභිබවා යයි

කෙටි වැඩ සතියක් රට පුරා හඳුන්වා දීමෙන් පසු අයිස්ලන්තයේ ආර්ථිකය බොහෝ යුරෝපීය රටවල් අභිබවා යාමට සමත්ව ඇති බව හෙළිව තිබෙනවා.

වැඩ කරන දින ගණන සහ පැය ගණන අඩු වූවත් සේවකයින්ට ලැබෙන වැටුප් අඩු නොකිරීමත් විශේෂත්වයක්.

2020 සහ 2022 අතර, රටේ කම්කරුවන්ගෙන් 51%ක් දින හතරක වැඩ සතියක් ඇතුළුව කෙටි වැඩ කරන පැය ගණනට එකඟ වී තිබෙනවා.

ඔවුන් මීට පෙර සතියේ වැඩ කරන දින 05කදී පැය 40ක් පුරා රාජකාරියේ නිරතව තිබෙනවා.

නමුත් නව වැඩ සතිය දින 04කට සීමා වී ඇති අතර අයිස්ලන්තයේ රාජ්‍ය අංශයේ සේවකයින් සතියකට පැය 35-36 අතර කාලයක් රාජකාරී කර ඇති බව සඳහන්. මෙහිදී ඔවුන්ගේ වැටුප් අඩු කර නැහැ.

ඒ අනුව පසුගිය වසරේ, අයිස්ලන්තය බොහෝ යුරෝපීය රටවලට වඩා වේගවත් ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇති අතර එහි විරැකියා අනුපාතය යුරෝපයේ අඩුම රට බවටද පත්ව තිබෙනවා.

Exit mobile version