Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යමුනා නදිය සම්පූර්ණයෙන් සුදු පැහැති ඝන පෙණ තට්ටුවකින් වැසේ

යමුනා නදිය සම්පූර්ණයෙන් සුදු පැහැති ඝන පෙණ තට්ටුවකින් වැසී යයි

යමුනා නදිය සම්පූර්ණයෙන් සුදු පැහැති ඝන පෙණ තට්ටුවකින් වැසී යයි

දිල්ලි නගරය හරහා ගලා බසින යමුනා නදිය සම්පූර්ණයෙන් සුදු පැහැති ඝන පෙණ තට්ටුවකින් වැසී ගොස් ඇති අයුරු ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම තත්වය පසුගිය සිකුරාදා දින දැකගත හැකි වූ බව වාර්තා වේ. කෙසේ නමුත් ගඟට උඩින් පාවෙන වලාකුළුවලට සමාන වූ මෙම පෙණ තට්ටුව දවස ගෙවී යද්දී ක්‍රමයෙන් දිය වී ගොස් ඇත.

පරිසරවේදින් පවසන්නේ, මෙම පෙණ මතුවීමට හේතුව ඇමෝනියා සහ පොස්පේට් විශාල වශයෙන් යමුනා ගංගාවට එක්වීම බවයි.

එළැඹෙන නොවැම්බර් මස 5 වැනිදාට යෙදී ඇති ඡත් පූජාව හෙවත් සූර්ය වන්දනාව වෙනුවෙන් හින්දු බැතිමතුන් යමුනා නදියේ ස්නානය කරන අතර යමුනා නදිය අතිශයින් අපවිත්‍ර වීම හේතුවෙන් මෙවර එම උත්සවයට බාධා මතුවිය හැකි බවද සදහන් වේ.

Exit mobile version