Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පුද්ගල ආදා­යම් බදු ලියා­ප­දිං­චිය වැඩි වෙලා

වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) සහ ආදා­යම් බදු සඳහා පුද්ග­ල­යන් ලියා­ප­දිංචි කිරීමේ වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කිරී­මත් සමඟ වසර 2022/2023ට වඩා වසර 2023/2024 පුද්ගල ආදා­යම් බදු ලියා­ප­දිංචි ලිපි­ගොනු සංඛ්‍යාව වැඩි වී තිබේ.

වසර 2022/2023 තක්සේරු වර්ෂය සඳහා ආදා­යම් බදු වාර්තා ඉදි­රි­පත් කළ සංඛ්‍යාව 333,313ක් විය. එම සංඛ්‍යාව වසර 2023/2024 කාල­යේදී 868,009ක් වැඩි වී ඇතැයි දේශීය ආදා­යම් කොම­සා­රිස් ජන­රාල් සේපා­ලිකා චන්ද්‍ර­සේ­කර මහ­ත්මිය ප්‍රකාශ කළාය.

ව්‍යාපා­රි­ක­යින්, වෘත්තී­ය­වේ­දීන්, වත්කම් හිමි කර­ගත් පුද්ග­ල­යන් වැනි පිරිස් පිළි­බ­ඳව වැඩි අව­ධා­න­යක් යොමු කොට ආදා­යම් බදු සඳහා ලියා­ප­දිං­චිය ඒ අනුව පුළුල් කර ඇතැයිද ඇය කීවාය.

ලියා­ප­දිංචි කර­ගනු ලැබූ එම පුද්ග­ල­යින් වෙත මාර්ග­ගත ක්‍රමය ඔස්සේ තම ආදා­යම් වාර්තා ඉදි­රි­පත් කළ යුතු බව සහ ගෙවී­මක් උද්ගත වුව­හොත් භාවිත කිරීම සඳහා ගෙවීම් පත්‍රි­කා­වක්ද මේ වන විට තැපැල් මඟින් යොමු කොට ඇත.

ආදා­යම් බද්ද සඳහා දැනට ලියා­ප­දිංචි කර ඇතත් ව්‍යාපාර කට­යුතු අව­සන් කර තිබීම, ආදා­යම් මාර්ග නොමැති වීම වැනි සාධා­රණ හේතු­වක් මත බදු ගෙවී­මට තරම් ආදා­ය­මක් හෝ ලාභ­යක් නොමැති නම් ඒ බව සනාථ කළ හැකි ලිපි ලේඛන සමඟ ළඟම පිහිටි දේශීය ආදා­යම් කාර්යාල වෙත ඉල්ලීම් කිරීම මඟින් ආදා­යම් බදු සඳහා කර ඇති ලියා­ප­දිං­චිය අක්‍රිය කර ගත හැකිය.

මාස­ය­කට රුපි­යල් ලක්ෂ­ය­කට වැඩි හෝ වස­ර­කට රුපි­යල් ලක්ෂ දොළ­හ­කට වැඩි ආදා­යම් ලබන පුද්ග­ල­යන් ආදා­යම් බදු ගෙවිය යුතුය. එයට නොවැඩි වැටුප් හා ආදා­යම් නොල­බන පිරිස් බදු ගෙවිය යුතු නොවෙයි.

Exit mobile version