Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඊශ්‍රායලයේ ත්‍රස්තවාදී ක්‍රියාවලට යුරෝපයෙන් විරෝධය සහ ආයුධ සම්බාධක.

ඊශ්‍රායලයට ආයුධ විකිණීම නතර කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චෙස් ඉල්ලා සිටියේය. ස්පාඤ්ඤය විසින් ඊශ්‍රායලය ආයුධ සැපයිම 2023 ඔක්තෝම්බර් මස සිට නැවැත්වූ බව පැවසි ඔහු යුධ තත්ත්වයේ වර්ධනය හේතුවෙන් ඊශ්‍රායලයට ආයුධ නොසපයන ලෙස සෙසු රටවල් වලිනුත් ඉල්ලා සිටියේය.
මැද පෙරෙදිග සිදුවෙමින් පවතින යුධ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර ප්‍රජාව විසින් ඊශ්‍රායලයට ආයුධ අපනයනය නැවැත්වීම වර්තමානයේ හදිසි අවශ්‍යතාවයන් බව තමන් විශ්වාස කරන බව ඔහු වාර්තාකරුවන් හමුවේ පැවසීය.

“මෙය මා සමස්ථ ජාත්‍යන්තර ප්‍රජාවටම කරන ආයාචනයක්, ප්‍රචණ්ඩත්වය උත්සන්න කිරිමට හෝ ගාසා තීරයේ යුද්ධයට හෝ කිසිම ආකාරයකින් දායක නොවිය යුතු බව වැදගත්” යයි ඔහු තවදුරටත් පැවසීය. වරක් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මීට සමාන ප්‍රකාශයක් කල අවස්ථාවක්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කෝපයටද හේතු වූහ. කෙසේ නමුත් පසුගිය 2023 ඔක්තෝබර් 07 වන දින හමාස් මෙහෙයුමෙන් පසු ඊශ්‍රායලයට තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඇති අයිතිය වෙනුවෙන් යුරෝපීය රාජ්‍යයන් ඒකමතිකව පෙනී සිටි නමුත්, බටහිර රාජ්‍යයන් විසින් පරිත්‍යාග කරන ලද ආයුධ, යුධ අපරාධ වලට භාවිතා විය හැකි නිසාවෙන් ගාසා තීරයේ සිවිල් වැසියන් මිය යාමට හේතු විය හැකිය යන සිතුවිල්ල හා කනස්සල්ල මෙසේ ඔවුනට ආයුධ සම්බාධක සඳහා ඇති ඉල්ලීම අවුලුවාලිමට හේතු වී තිබේ.

එක්සත් ජනපදය හා ජර්මනියට පසුව ඊශ්‍රායලයට විදේශීය ආයුධ සපයන්නා වන ඉතාලියද ඔක්තෝබර් 07 ප්‍රහාරයෙන් පසුව ආයුධ සැපයිය නවත්වන බව සහතික විය. මේ වන විට එක්සත් ජනපදය හා ජර්මනිය විසින් ඊශ්‍රායලයට ආයුධ සපයන බොහෝ බලපත්‍ර අහෝසි කර ඇති බවද වාර්තා වේ. බෙල්ජියමේ සංවර්ධන ඇමැති කැරලයින් විසින්ද ඔවුන් විසින් ඊශ්‍රායලයට සැපයු පතරොම් බලපත්‍ර අත්හිටුවා ඇති අතර, ආයුධ සම්බාධක පනවන ලෙස යුරෝපා සංගමයෙන් ඉල්ලීමක්ද කර ඇත. තවද ප්‍රංශයද මේවනවිටත් ආයුධ සැපයිම් නවත්වා ඇති බව සහතික කර ඇත.
මේ අනුව අද වනවිට යුරෝපීය රටවල් රැසක් ඊශ්‍රායලයට විරුද්ධව ආයුධ අපනයන සම්බාධක පනවා ඇති බව වාර්තා වේ.

Exit mobile version