Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලෝක බැංකු ආධාර මත රු.මි 13000ක වියදමින් වැව් 470ක ප්‍රතිසංස්කරණ කටයුතු අවසන්

ලෝක බැංකු ආධාර මත රු.මි 13000ක වියදමින් වැව් 470ක ප්‍රතිසංස්කරණ කටයුතු අවසන්

ලෝක බැංකු ආධාර මත රු.මි 13000ක වියදමින් වැව් 470ක ප්‍රතිසංස්කරණ කටයුතු අවසන්

ලෝක බැංකු ආධාර මත කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය විසින් රුපියල් මිලියන 13000ක වියදමින් වැව් 470ක ප්‍රතිසංස්කරණ කටයුතු නිම කර තිබේ.

ඒ අනුව වයඹ, උතුරුමැද, උතුර, නැගෙනහිර, ඌව සහ දකුණ පළාත් 06 ආවරණය කරමින් දිස්ත්‍රික් 11ක ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැව් 116කද, පුත්තලම දිස්ත්‍රික්කයේ වැව් 28කද, අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 56කද, පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වැව් 10කද, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ වැව් 34කද, මුලතිව් දිස්ත්‍රික්කයේ වැව් 47කද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැව් 29කද, මඩකලපුව දිස්ත්‍රික්කයේ වැව් 21කද, අම්පාර දිස්ත්‍රික්කයේ වැව් 19කද, මොණරාගල දිස්ත්‍රික්කයේ වැව් 36කද සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැව් 74කද, ප්‍රතිසංස්කරණ කටයුතු නිම කර තිබේ. මේ තුළින් රටේ කෘෂි ආර්ථිකය නංවාලීම සඳහා ගොවි පවුල් 30,000කට අක්කර 38,000ක භූමි ප්‍රමාණයක වගා කටයුතු කරගෙන යාමට හැකිවනු ඇත.

මෙයට අමතරව 2025 වසරේ දෙසැම්බර් වනවිට තවත් වැව් 205ක් ප්‍රතිසංස්කරණය කිරීමට දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය සැලසුම් සකස් කොට ඇති අතර ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 4200කි. මින් ගොවි පවුල් 12000කට සෙත සැලසෙන අතර අක්කර 15000ක වගා කටයුතු කරගෙන යාමට සැලසුම් කර තිබේ.

Exit mobile version