15වැනි ජන හා නිවාස සංගණනයේ පුද්ගල සහ නිවාස තොරතුරු රැස් කිරීම, ඔක්තෝබර් මස 07 වන සඳුදා ආරම්භ වේ.
ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අනෝජා සෙනවිරත්න මහත්මිය සඳහන් කළේ, ඒ සඳහා සංගණන නිලධාරීන් ගෙයින් ගෙට පැමිණෙන බවයි.
පසුගිය කාලයේ කළ ලැයිස්තුගත කිරීම්වලදී 2012 සංගණනයට සාපේක්ෂව නිවාස ඒකකවල 24%ක වැඩිවීමක් පෙන්නුම් කරන බවද, ඇය සඳහන් කළාය.