ඊශ්රායලයේ සිටින සියළුම ශ්රී ලාංකිකයින්ට ආරක්ෂිත ස්ථානයක රැඳී සිටින ලෙස ශ්රී ලංකා තානාපති කාර්යාලය දැනුම්දී තිබෙයි.
එමෙන්ම ආරක්ෂිත ස්ථානවලට යොමු වීමේදී ආහාර ඖෂධ වැනි දේවල් ළඟ තබා ගන්නා ලෙසද තානාපති කාර්යාලය දැනුවත් කර ඇත.
කෙසේ නමුත් ඉරාන ප්රහාර වලින් ශ්රී ලාංකිකයන්ට කිසිදු හානියක් සිදු වී නොමැති බව ඊශ්රායලයේ ශ්රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්රකාශ කර සිටියේය.