ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය.
ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේද පාලක පක්ෂයේ නායකයාටය. ඒ අනුව, ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා වනු ඇත්තේද ෂිගුරු ඉෂිබාය.
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායකත්වය වෙනුවෙන්, පක්ෂයේ ප්‍රබලයෝ නව දෙනෙක් ඉදිරිපත් වූහ. ඡන්දය පැවැත්වූයේ පක්ෂ අභ්‍යන්තරයේය.
අපේක්ෂකයන් නව දෙනා අතරින්, අවසන් වටයේදී තරගය පැවැත්වූයේ 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා සහ 63 හැවිරිදි සානේ ටකායිචී අතරේය. ෂිගුරු ඉෂිබා ජපානයේ හිටපු ආරක්ෂක අමාත්‍යවරයාය. සානේ ටකායිචී, මුදල් ආරක්ෂක අමාත්‍යවරියයි.
පක්ෂ නායකත්ව ඡන්ද විමසුමෙන්, සානේ ටකායිචීට ජයග්‍රහණය කිරීමට හැකි වූවා නම්, ඇයට පළමු කාන්තා අග්‍රාමාත්‍යවරිය වීමට ඉඩ තිබුණි.