Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොටස් වෙළෙඳපොළේ කැපීපෙනෙන වර්ධනයක්

කොටස් වෙළෙඳපොළේ කැපීපෙනෙන වර්ධනයක්

කොටස් වෙළෙඳපොළේ කැපීපෙනෙන වර්ධනයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද (25)දිනයේ කැපීපෙනෙන ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.

එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 325.59ක් හෙවත් 2.87%ක දැවැන්ත ඉහළ යාමක් වාර්තා කර ඇත.

මීට අමතරව S&P SL20 දර්ශකය ඒකක 148.54කින්
අද එන්ම බදාදා දිනය තුළ ඉහළ ගිය අතර එය පූර්ව දිනයට සාපේක්ෂව 4.59%ක දැවැන්ත වර්ධනයකි.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,659.71ක් ලෙසත්, S&P SL20 දර්ශක අගය ඒකක 3,383.76 ක් ලෙසත් සටහන් වී තිබේ.

මේ අතර දිනයේ පිරිවැටුම සඳහන් වූයේ රුපියල් බිලියන 3.96ක් වශයෙනි.

Exit mobile version