Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නව ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා

නව ආරක්ෂක ලේකම් ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා

නව ආරක්ෂක ලේකම් ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා පත් කර ඇත.

1988 මැයි මස 17වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කැඩෙට් නිලධාරියෙකු ලෙස එක් වූ තුයියකොන්ත මහතා, 1990 වර්ෂයේදී සාමාන්‍ය රාජකාරි නියමු නිලධාරියෙකු ලෙස පත් කරන ලදී.

එමෙන්ම 1990 වසරේ හෙතෙම බෙල් 212/412 හෙලිකොප්ටර් යානාවල මෙහෙයුම් නියමුවෙකු ලෙස පියාසර රාජකාරි සඳහා යොදවා ඇත.

2001 වසරේ දී ඔහු දෙවන අණදෙන නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණයට පත් කරන ලද අතර, පසුව 2005 වසරේදී අණදෙන නිලධාරි ලෙස පත් කරන ලදී.

ඔහු සිය දීර්ඝ සේවා කාලය තුළ උතුරු නැගෙනහිර මුදාගැනීමේ මානුෂීය මෙහෙයුම ඇතුළු සියලුම ප්‍රධාන මෙහෙයුම් සඳහා ක්‍රියාකාරීව සහභාගී වී ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවෙකු ලෙස පියාසර පැය 7,000කට අධික කාලයක් වාර්තා කිරීමටද සමත් වී ඇත.

ඔහු වසර දෙකක කාලයක් පාකිස්තානයේ ඉස්ලාමාබාද් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙසද කටයුතු කළේය.

මානුෂීය මෙහෙයුම් වලදී ඔහු කළ විශිෂ්ට සේවාව වෙනුවෙන් ‘වීර වික්‍රම විභූෂණ’ (WWV),’රණ වික්‍රම පදක්කම'(RWP) සහ ‘රණ සූර පදක්කම’ (RSP) යන ගෞරවයන් හිමිකරගෙන ඇත.

Exit mobile version