Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සිමෙන්ති සඳහා පනවා ඇති සෙස් බද්ද පහළට

සිමෙන්ති කොට්ටයක තොග මිළ ඉහළට

සිමෙන්ති කොට්ටයක තොග මිළ ඉහළට

ආනයනික සිමෙන්ති සඳහා පනවා ඇති සෙස් බද්ද අඩු කළ බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

ආනයනික සිමෙන්ති කිලෝග්‍රෑමයකට රු.01/-කින් එම බද්ද අඩුකර ඇති බවයි සඳහන් කරන්නේ.

ඒ අනුව, කෘතිම ලෙස වර්ණ ගැන්වූ හෝ නොගැන්වූ සුදු සිමෙන්ති කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 5ක් ව පැවති සෙස් බද්ද රුපියල් 4 දක්වා අඩු කර තිබෙනවා.

කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වලින් ආනයනය කරනු ලබන සිමෙන්ති සඳහා රුපියල් 8ක්ව පැවති සෙස් බද්ද රුපියල් 7 දක්වා අඩු කරයි.

මෙම අඩුකිරීම සැතැම්බර් මස 06 වනදා සිට ක්‍රියාත්මකයි.

Exit mobile version