Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ප්‍රකාශන ආධාර ව්‍යාපෘතියට අත්පිටපත් බාරගැනීම ක්‍රියාත්මකයි

ප්‍රකාශන ආධාර ව්‍යාපෘතියට අත්පිටපත් බාරගැනීම ක්‍රියාත්මකයි

ප්‍රකාශන ආධාර ව්‍යාපෘතියට අත්පිටපත් බාරගැනීම ක්‍රියාත්මකයි

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය 2025 වෙනුවෙන් අත්පිටපත් බාර ගැනීම 2024 සැප්තැම්බර් 01 සිට දෙසැම්බර් 15 ක්‍රියාත්මක කරන බව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය පවසනවා.

නව මුහුණුවරකින් ක්‍රියාත්මක කෙරෙන ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය යටතේ ශාස්ත්‍රීය ,පර්යේෂණ, නවකතා, කෙටිකතා, යොවුන් සාහිත්‍ය සහ ළමා කෘති සඳහා ආධාර දීමට අපේක්ෂාකරන අතරම ආධාර මුදලද ඉහළ දැමූ බවයි ප්‍රකාශ කරන්නේ.

එහිදී හොඳම ශාස්ත්‍රීය හා පර්යේෂණ කෘති සඳහා රුපියල් 150,000.00ක්, නවකතා සඳහා රුපියල් 100,000.00ක්,කෙටිකතා සංග්‍රහය සඳහා රුපියල් 100,000.00ක්, පද්‍ය, යොවුන් සාහිත්‍යම සහ ළමා කෘති සඳහා රුපියල් 75,000.00ක්, පිරිනැමීමට කටයුතු කරන බවත්, මේ කෘති සියල්ල 2025 වර්ෂයේ සාහිත්‍ය මාසය වෙනුවෙන් එළිදැක්වීමට අපේක්ෂා කරන බව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලබනවා.

Exit mobile version