Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආදායම් බදු ගෙවීම පැහැර හැරීමේ නඩුවෙන් ජෝ බයිඩ්න්ගේ පුත්‍රයා වරදකරු වෙයි

ආදායම් බදු ගෙවීම පැහැර හැරීමේ නඩුවෙන් ජෝ බයිඩ්න්ගේ පුත්‍රයා වරදකරු වෙයි

ආදායම් බදු ගෙවීම පැහැර හැරීමේ නඩුවෙන් ජෝ බයිඩ්න්ගේ පුත්‍රයා වරදකරු වෙයි

ඩොලර් මිලියන 1.4ක ආදායම් බදු ගෙවීම හිතාමතාම මග හැරීමේ චෝදනාවට අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පුත්‍රයා වන හන්ටර් බයිඩ්න් වරදකරු බවට ලොස් ඇන්ජලිස් නුවර අධිකරණයෙන් තීන්දු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වසර 2016 සිට 2019 අතර කාලයේදී ඔහු එම බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති අතර, නඩු විභාගය ආරම්භයේදී සියලු චෝදනා ප්‍රතික්ෂේප කර තිබූ බවත්, පසුව වරද පිළිගත් බවත් වැඩිදුරටත් වාර්තා වේ. ඔහුට එරෙහිව ගොනු කරනු ලැබූ චෝදනා 9කටම වරදකරු බවට තීන්දු වීම හේතුවෙන් ජනපති පුත්‍රයාට වසර 17ක උපරිම සිරදඬුවම් සහ ඩොලර් මිලියනය දක්වා දඩයක් පනවනු ඇතැයිද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

එළැඹෙන ජනාධිපතිවරණයෙන් මසකට පසු එනම්, ජෝ බයිඩ්න්ගේ ජනාධිපති ධූර කාලය අවසන් වීමට මාසයකට පෙර එනම්. ලබන දෙසැම්බර් මස 16 වැනිදා හන්ටර් බයිඩ්න්ගේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, සිය පුත්‍රයාට සමාව දීම සඳහා විධායක බලතල භාවිත නොකරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වී තිබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

Exit mobile version