Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොළඹ වරායට චීනයෙන් හා ඉන්දියාවෙන් යුධ නැව්

කොළඹ වරායට චීනයෙන් හා ඉන්දියාවෙන් යුධ නැව්

කොළඹ වරායට චීනයෙන් හා ඉන්දියාවෙන් යුධ නැව්

චීන යුද නෞකා තුනක් සහ ඉන්දීය යුද නෞකාවක් සඳුදා දිනයේ (26) කොළඹ වරායට පැමිණියේය.

නිල සංචාරයක් සඳහා 26 වන සඳුදා උදෑසන කොළඹ වරයාට පැමිණි චීන නාවුක හමුදාවට අයත් හී ෆෙයි, වූෂිෂාන්, මහ ක්ලියාශාන්, යන නෞකා ත්‍රිත්වය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්, නාවික හමුදා සම්ප්‍රදානුකූලව පිළිගනු ලැබීය.

ඩිස්ට්‍රොයර් වර්ගයට අයත් හී ෆෙයි නෞකාව මීටර් 144.5කින් යුක්තයි. දිගින් මීටර 210ක් වන වූෂිෂාන් නෞකාව ලැන්ඩින් ෆ්ලැට්‍ෆෝම් ඩොක් වර්ගයට අයත්. ක්ලියාශාන් යුද නෞකාවද දිගින් මීටර් 210ක් වේ.

දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා චීන නාවික කණ්ඩායම් සහභාගී වනු ඇත.

අගෝස්තු 29වැනිදා මෙම නෞකා කොළඹ වරායෙන් පිටත්ව යාමට නියමිතවේ.

මේ අතර ඉන්දීය නාවික හමුදාවට අයත් INS මුම්බායි යුද නෞකාව තුන්දින නිල සංචාරයක් සඳහා සඳුදා දින (26) කොළඹ වරායට පැමිණියේය. INS මුම්බායි යුද නෞකාවේ දිග මිටර් 163ක්.

අදාළ නෞකා දිවයිනේ වැදගත් ස්ථාන කිහිපයක සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කළේය.

මීට අමතරව, බටහිර නාවික විධාන මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමග පුහුණු අභ්‍යාසයක නිරතවීමට ද නියමිත වේ.

INS මුම්බායි නෞකාවද ලබන 29 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

Exit mobile version