Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ද්‍රවීකෘත ස්වභාවික වායු(LNG) සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ගිවිසුමකට එළැඹෙයි

ද්‍රවීකෘත ස්වභාවික වායු(LNG) සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ගිවිසුමකට එළැඹෙයි

ද්‍රවීකෘත ස්වභාවික වායු(LNG) සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ගිවිසුමකට එළැඹෙයි

කෙරවලපිටිය “සොබාධනවි” ඒකාබද්ධ චක්‍රීය බලාගාරය සඳහා ද්‍රවීකෘත ස්වභාවික වායු (Liquefied natural gas – LNG) ගබඩා කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය, LNG ප්‍රතිවායුකරණය කිරීම සහ සැපයීම සම්බන්ධයෙන් නව ගිවිසුමකට එළැඹ තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාවේ එල්ටීඑල් හොල්ඩිංග්ස් සමාගම (LTL Holdings Limited, Sri Lanka) සහ ඉන්දියාවේ පෙට්‍රොනෙට් එල්එන්ජී සමාගම (Petronet LNG Limited, India) අතර අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම (20) පස්වරුවේ සිදුකෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙනි එම කටයුතු සිදුකර ඇත.

Exit mobile version