Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හරීන්ට හා මනූෂට ජනපති උපදේශක තනතුරු දෙකක්

හරීන්ට හා මනූෂට ලොකු තනතුරු දෙකක්

හරීන්ට හා මනූෂට ලොකු තනතුරු දෙකක්

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මහත්වරුන්ට විශේෂ ජනාධිපති උපදේශක දුර දෙකක් ලබා දී තිබේ.

මේ අනුව, සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තනතුර හරීන් ප්‍රනාන්දු මහතාට ලබාදී ඇති අතර කම්කරු හා විදේශ රැකියා ජනාධිපති උපදේශක තනතුර මනූෂ නානායක්කාර මහතාට ලබාදී තිබේ.

රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේ ඊට අදාළ ලිපි පසුගිය 16වනදා ජනාධිපතිවරයා විසින් ලබා දී ඇති බවයි.

පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවකට අනුව හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර මහත්වරුන්ගේ අමාත්‍ය ධුර අහෝසි වීමෙන් පසු ඔවුනට අමාත්‍ය ධුරවලින් ඉවත්වීමට සිදුවිය.

පුරප්පාඩු වූ එම අමාත්‍ය ධුර ජනාධිපතිවරයා වෙත පවරා ගනිමින් පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණි.

Exit mobile version