Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

Jetstar ගුවන් සේවය නොවැම්බර් සිට සිංගප්පූරුව හා කොලඹ අතර සෘජු ගුවන් සේවා

Jetstar විසින් නොවැම්බර් සිට සිංගප්පූරුව සහ කොළඹ අතර සෘජු ගුවන් සේවා

Jetstar විසින් නොවැම්බර් සිට සිංගප්පූරුව සහ කොළඹ අතර සෘජු ගුවන් සේවා

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මූලස්ථානය කරගත අඩුමිල ගුවන් සේවයක් වන Jetstar, එළඹෙන නොවැම්බර් මාසයේ සිට සිංගප්පූරුව සහ කොළඹ අතර අඩු මිල ගුවන් සේවා ආරම්භ කරනු ලබන බව නිවේදනය කර සිටී.

Jetstar යනු ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය වන Qantasහි පූර්ණ අනුබද්ධ ගුවන් සේවයකි.

Jetstar Asia විසින් ක්‍රියාත්මක මෙම නව සේවාව 2024 නොවැම්බර් 21වන දින ආරම්භ වන අතර සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවේ කොළඹට සෘජුවම පියාසර කරන එකම අඩු වියදම් ගුවන් සේවය බවට එය පත් වනු ඇත.

මේ වන විට Jetstar Asia විසින් සිය ප්‍රවර්ධන කාලසීමාව තුළ විශේෂ වට්ටම් සහිත අඩුමිල ගුවන් ගාස්තු යටතේ ගුවන් ගමන්වාර කිහිපයක්ද හඳුන්වා දී තිබේ.

ප්‍රවර්ධන කාලසීමාව තුළ දී එක් අයෙකුට රු. 50,000 කට ආසන්න මිලකට Jetstar ගුවන්සේවය හරහා සිංගප්පූරුවට යාමට හා ඒමට හැකියාව ලැබෙනු ඇත.

Exit mobile version