Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අප්‍රිකානු කලාපයේ මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක්

අප්‍රිකානු කලාපයේ මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක්

අප්‍රිකානු කලාපයේ මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක්

අප්‍රිකානු මහාද්වීපය තුළ “එම් පොක්ස්” (Mpox) වෛරසය නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

එහි ප්‍රධානී ජීන් කසේයා අඟහරුවාදා දිනයේ(13) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව නිවේදනය කර ඇත.

වසරේ මේ දක්වා කාලය තුළ අප්‍රිකානු කලාපයෙන් “එම් පොක්ස්” ආසාදිතයින් 15,000කට වැඩි පිරිසක් සොයා ගෙන ඇති අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 461කි.

1970 දශකයේදී ලොව පළමු “එම් පොක්ස්” අසදිතයා වාර්තා වූයේ කොංගෝ ජනරජයෙනි.”එම් පොක්ස්” හෙවත් මන්කි පොක්ස් සතුන්ගෙන් මිනිසුන්ට බෝවන වෛරසයකි. එය සමීප සම්බන්ධතා හරහා මිනිසුන් අතර ව්‍යාප්ත වේ.

උණ, මාංශ පේශි වේදනාව සහ ශරීරය පුරා ගැටිති වැනි තුවාල ඇතිවීම වෛරසයේ ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස සැලකේ.
ප්‍රතිකාර නොකළහොත්, “එම් පොක්ස්” වයිරසය මාරාන්තික විය හැකියි.

2022 වසරේදී “එම් පොක්ස්” වෛරසයේ X ප්‍රබේධයක් ඕස්ට්‍රේලියාව, අමෙරිකාව සහ යුරෝපය ඇතුළු කලාපවලට පැතිරී ගොස් ඇත.

2022 වසරේ මුල සිට මේ දක්වා ලොව පුරා වාර්තා වී ඇති අදාළ “එම් පොක්ස්” ප්‍රබේධයේ ආසාදිතයින් සංඛ්‍යාව 10,000කට ආසන්නයි.

Exit mobile version