Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

චීනය ලොව විශාලතම ජාත්‍යන්තර සාගර තෙල් සහ ගෑස් ගවේෂණ වේදිකාව නිල වශයෙන් භාර දේ

චීනය ලොව විශාලතම ජාත්‍යන්තර සාගර තෙල් සහ ගෑස් ගවේෂණ වේදිකාව නිල වශයෙන් භාර දෙයි

චීනය ලොව විශාලතම ජාත්‍යන්තර සාගර තෙල් සහ ගෑස් ගවේෂණ වේදිකාව නිල වශයෙන් භාර දෙයිය

ලොව විශාලතම ජාත්‍යන්තර සාගර තෙල්, ගෑස් එකතු කිරීමේ සහ ප්‍රවාහනය කිරීමේ වේදිකාව සම්පූර්ණ කර භාරදී තිබෙනවා.

චීනයේ Shandong පළාතේ Qingdao නගරයේ ඉඳිකර ඇති එය චීනයේ මහා පරිමාණ සාගර තෙල් සහ ගෑස් උපකරණ ඉදිකිරීමේ තාක්ෂණයේ ඉදිරි ගමනක් සනිටුහන් කිරීමක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Qingdao නගරයේ ‘ජාත්‍යන්තර ඉහළ පෙළේ උපකරණ නිෂ්පාදන මධ්‍යස්ථානයේ’ ඉදිකිරීමක් වන මෙම ‘Mazoun තෙල් හා ගෑස් ගවේෂණ වේදිකාව’ ටොන් 17,000කට වඩා බර වන අතර එය දැනට ලෝකයේ පවතින විශාලතම තෙල් හා ගෑස් එකතු කිරීමේ සහ ප්‍රවාහන කිරීමේ වේදිකාව වනවා.

මාස 34ක ඉදිකිරීම්වලින් පසු එය සඳුදා දිනයේ (12) නිල වශයෙන් භාරදීම සිදු කර ඇති බව සඳහන්.

අගෝස්තු මස අවසානයේදී එය විශාල ප්‍රවාහන නෞකාවක ආධාරයෙන් නාවික සැතපුම් 6,400ක් දුරින් පිහිටි සෞදි අරාබියේ සාගර ප්‍රදේශයේ ස්ථාපනය කිරීමට පිටත් කෙරෙනු ඇති.

මෙම වේදිකාව එහි Mazoun තෙල් බිමේ නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීමට යොදා ගැණෙන අතර එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමෙන් පසු Mazoun තෙල් බිමේ වාර්ෂික බොරතෙල් නිෂ්පාදනය ටොන් මිලියන 24ක් දක්වා වැඩි වනු ඇතැයිද අපේක්ෂා කෙරෙනවා.

Exit mobile version