Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලෝක බොර තෙල් මිල පහළට

බොරතෙල් බැරලයක මිල යුද්දයට පෙර පැවති මිල දක්වා පහළට

බොරතෙල් බැරලයක මිල යුද්දයට පෙර පැවති මිල දක්වා පහළට

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල සඳුදා දිනයේ (05) අඩුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 76.77 දක්වාද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 73.39ක් දක්වාද අඩුවී තිබෙන බවයි විදෙස් මාධ්‍ය කරන්නේ.

පසුගිය සිකුරාදා බ්‍රෙන්ට් බැරලයක මිල 3%කින් පමණ අඩුවූ අතර එය ජනවාරි මාසයෙන් පසු වාර්තා වූ අඩුම මිලයි.

විශේෂයෙන්ම මැද පෙරදිග වර්ධනය වෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් බොර තෙල් සැපයුමට බාධා ඇතිවේ යැයි වෙළෙඳපොළ පාර්ශ්ව තුළ යම් චකිතයක් නිර්මාණය වෙමින් ඇති බවද සඳහන්.

Exit mobile version