Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මැතිවරණ නීති සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂමෙන් නිවේදනයක්

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂමෙන් නිවේදනයක්

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂමෙන් නිවේදනයක්

ජනාධිපතිවරණයේදී පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරින් සිදු කරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සදහන් කළේ, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

0767914696 දුරකතන අංකයට හෝ 0112505566 ෆැක්ස් අංකයට මේ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා පොලිස් නිලධාරින් ඇතුළු රාජ්‍ය නිලධාරින් සදහා මාර්ගෝපදේශ මාලාව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පසුගියදා (03) නිකුත් කළේය.

Exit mobile version