Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මෙම මස සමස්ත උද්ධමනය සියයට 2.4ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය ද සියයට 1.5 දක්වා ඉහළ ගොස් ඇති බවත් ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය ජූනි මස උද්ධමනය සියයට 1.7ක්ව පැවැති බවත් ඒ අනුව මෙම මස තුළ උද්ධමනය සියයට 0.7කින් ඉහළ ගොස් ඇතැයි එම දෙපාර්තමේන්තුව කීය.

පසුගිය ජූනි මාස ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 1.4ක් ලෙස වාර්තා වූ බව කියන ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය මෙම මස සියයට 2.8ක පැවැති අතර ජූනි මාසයේ එය සියයට 1.8ක් ලෙස වාර්තා වූ බවද සඳහන් කරයි.

Exit mobile version