Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ, ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් සම්මත වේ

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ, ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් සම්මත වේ

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ, ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් සම්මත වේ

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ විරෝධය මැද බ්‍රහස්පතින්දා දිනයේ (25) සම්මත විය.

පනත් කෙටුම්පත් දෙකට කාරක සභාව අවස්ථාවේදී සංශෝධන එක් කෙරිණ. අනතුරුව තෙවැනි වර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

පනත් කෙටුම්පත් දෙක පසුගිය මැයි මස 22වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබු අතර ආර්ථිකයේ පරිවර්තන සඳහා ප්‍රතිපාදන සැලසීම මෙම ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ අරමුණයි.

මෙම පනත් කෙටුම්පත් දෙකට විරෝධය පළ කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සභාව ආරම්භයේදී පැවසීය.

පනත් කෙටුම්පත් පිළිබඳ විවාදය බ්‍රහස්පතින්දා (25) උදේ 10.00 සිට සවස 6 දක්වා පැවැත්විණ.

Exit mobile version