Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මැතිවරණ දෙකටම මැතිවරණ කොමිෂන් සභාව සූදානම්

මේ වසරේදී පළාත් සභා ඡන්දය පවත්වනවා - විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහචාර්ය ක්‍රිෂාන්ත අබේසේන

මේ වසරේදී පළාත් සභා ඡන්දය පවත්වනවා - විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහචාර්ය ක්‍රිෂාන්ත අබේසේන

යම් හෙයකින් පාර්ලිමේන්තුව විසිරුවා හැරියොත් පාර්ලිමේන්තු මහ මැතිවරණයත් ජනාධිපතිවරණයත් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් බව එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය.

සුදුසු දින දෙකක් යොදාගෙන එම මැතිවරණ පැවැත්විය හැකි බවද ඔහු සඳහන් කළේය.

මේ අතර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇතත් ජනාධිපතිවරණයේ කටයුතුවලට ඉන් බාධාවක් ඇති නොවන බවද රත්නායක මහතා පැවසීය.

ඉදිරියේදී පත්කිරීමට නියමිත වැඩබලන පොලිස්පතිවරයා සමග එම කටයුතු කරගෙන යන බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

Exit mobile version