Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අමෙරිකානු රහස්‍ය සේවා ප්‍රධානී ඉල්ලා අස් වේ

අමෙරිකානු ඔත්තු සේවා ප්‍රධානී ඉල්ලා අස් වේ

අමෙරිකානු ඔත්තු සේවා ප්‍රධානී ඉල්ලා අස් වේ

අමෙරිකානු රහස්‍ය සේවා ප්‍රධානී Kimberly Cheatle තම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඇය මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට පසුගිය ජූලි 13 වැනිදා ගත් උත්සාහය වැළැක්වීමට අමෙරිකානු බුද්ධි සේවා අසමත්වූ බවට ඇයට එල්ල වී තිබූ චෝදනා පදනම් කරගනිමිනි.

අදාළ කරුණ සම්බන්ධයෙන් ඇය පසුගියදා අමෙරිකානු කොංග්‍රසය හමුවේ සාක්ෂි ලබාදුන් අතර එහිදී නීති සම්පාදකයින් යොමුකළ ප්‍රශ්න හමුවේ ඇය නිරුත්තර වුණි.

රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂ නීති සම්පාදකයින් එහිදී අවධාරණය කළේ, ඇය වහා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවය.

ඒ අනුව Kimberly Cheatle ඉල්ලා අස්වූ අතර එම ලිපිය ලබාදෙමින් ඇය වැඩිදුරටත් දන්වා සිටියේ, ආරක්ෂාවේ පැවති සිදුරු සම්බන්ධයෙන් වගකීම භාරගෙන තමන් ඉල්ලා අස්වන බවයි.

Exit mobile version