Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රුපියල් මිලියන 29,000ක පොහොර ණය ගෙවා අවසන්

රුපියල් මිලියන 29,000ක පොහොර ණය ගෙවා අවසන්

රුපියල් මිලියන 29,000ක පොහොර ණය ගෙවා අවසන්

වසර ගණනාවක් පොහොර මිලදී ගැනීම වෙනුවෙන් පුද්ගලික පොහොර සමාගම්වලට නොගෙවා තිබු රුපියල් මිලියන 29,000ක හිඟ ණය මුදල් සියල්ල රජය විසින් මේ වනවිට ගෙවා අවසන් කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා

තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහනෙහි ප්‍රගතිය සම්බන්ධව පසුගිය සඳුදා (22) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම, ගොවි ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ නැංවීම හා තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ශනය කරගැනීම ඉලක්ක කරමින් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වශයෙන් දිවයිනේ ගම්මාන 160ක් සංවර්ධනය කිරීමට මේ වනවිට කටයුතු යොදා තිබෙනවා

මේ සඳහා රජය විසින් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1600කි. ඒ අනුව එක ගම්මානයකට පළමු අදියර යටතේ රුපියල් මිලියන 10ක් මුදලක් බැගින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදී ඇති බවද සඳහන්.

Exit mobile version