Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දරුවන්ට මවුකිරි දීමේ වැදගත්කම සෞඛ්‍ය අංශ අවධාරණය කරයි

දරුවන්ට මවුකිරි දීමේ වැදගත්කම සෞඛ්‍ය අංශ අවධාරණය කරයි

දරුවන්ට මවුකිරි දීමේ වැදගත්කම සෞඛ්‍ය අංශ අවධාරණය කරයි

දරුවන්ට මවුකිරි ලබාදීම ඉතාමත් ප්‍රශස්ථ ආයෝජනයක් බව යුනිසෙෆ් සංවිධානයේ සෞඛ්‍ය හා පෝෂණ නිලධාරී ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ධම්මිකා රොවෙල් පවසනවා.

එය දරුවාගේ සෞඛ්‍යට ඉතාමත් හිතකර සහ පෝෂණය අතින් දරුවාට ලබාදිය හැකි හොඳම දෙයද වන බව ඇය බදාදා දිනයේ (17) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී මවුකිරි දීමේ වැදගත්කම අවධාරණය කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළා.

දරුවෙකුගේ උපතේ සිට පළමු පැයේදී මවුකිරි දීම ඇරඹීමත්, පළමු මාස 06 මවුකිරි පමණක් ලබාදීමත් දරුවාට අවුරුදු 02ක් හෝ ඊට වැඩි කාලයක් අමතර ආහාරත් සමග මවුකිරි ලබාදීමත් මගින් දරුවාගේ බුද්ධි වර්ධනයට ප්‍රබල බලපෑමක් සිදුවන බව ඇය පැවසුවා.

නිවැරදිව මවුකිරි දීම මගින් වසරකට මාතෘ මරණ ලක්ෂයකට වඩා අඩු කරගත හැකි බවත් මෙමගින් කාන්තාවන්ට බහුලව සෑදෙන පියයුරු පිළිකා, ඩිම්බකෝෂ පිළිකා, දියවැඩියාව ආදී රෝග සෑදීම වළක්වාගත හැකි බවත් ළමා මරණ ලක්ෂ 06කට වඩා අඩු කරගත හැකි බවත් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ධම්මිකා වැඩිදුරටත් සඳහන් කළේ.

Exit mobile version