Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කුරුණෑගල හිටපු නගරාධිපතිගේ දඬුවම ලිහිල් කරයි

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ට රිට් ආඥාවක්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ට රිට් ආඥාවක්

කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිරදඬුවම් නියම වී සිටි කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුගේ සිර දඬුවම එක් වසරක් දක්වා අඩු කිරීමට අභියාචනාධිකරණය පසුගිය බදාදා (17) නියෝග කළේය.

එම විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම්වල තීන්දුව දෙමින් විනිසුරු පී.කුමාරන්රත්නම් මහතාගේ එකඟතාවය සහිතව අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

එම සිරදඬුවම කුරුණෑගල මහාධිකරණය විසින් එම තීන්දුව ලබා දුන් 2023 වසරේ දෙසැම්බර් මස 14 වනදා සිට ක්‍රියාත්මක විය යුතු බවත් තීන්දුවේ සඳහන් වුණි.

2020 වසරේ කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ චෝදනාවන්ට කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු කුරුණෑගල මහාධිකරණය හමුවේ වරද පිළිගත් අතර ඉන් අනතුරුව ඔවුන්ට බරපතළ වැඩ සහිත වසර තුනක් බැගින් සිරදඬුවම් සහ දඩ නියම කරනු ලැබීය.

එම සිරදඬුවම නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා ඇතුළු විත්තිකරුවන් විසින් මෙම අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ අභියාචනා පෙත්සම්වල තීන්දුව දෙමින් අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කළේය.

Exit mobile version