Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කුවේට් රාජ්‍යයේ පොදු සමා කාලය තුළ ශ්‍රී ලංකිකයන් 10,000ක් රටින් පිටවෙයි.

කුවේට් රාජ්‍යයේ පොදු සමා කාලය තුළ ශ්‍රී ලංකිකයන් 10,000ක් පිටවෙලා

කුවේට් රාජ්‍යයේ පොදු සමා කාලය තුළ ශ්‍රී ලංකිකයන් 10,000ක් පිටවෙලා

කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස්, එරට වලංගු වීසා කාළය ඉක්මවා, නීතිවිරෝධී ලෙස රැදී සිටින ශ්‍රී ලාංකිකයන් හට, එරටින් පිටවීම සදහා කුවේට් රජය විසින් 2024 වසර සදහා ලබා දී තිබූ ”පොදු සමා කාළය” භාවිතා කරමින් ශ්‍රී ලාංකිකයන් 10,615 දෙනෙකු එරටින් පිට වී ඇති බව කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර තිබෙනවා

කුවේට් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සිදු කළ සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස මෙම පොදු සමා කාළය 2024 මාර්තු මස 17දින සිට 2024 ජුනි මස 30දින දක්වා කාළයක් ලබා දී තිබුණා.

එම කාලය තුළ ඉතා සරල ලියකියවිලි කීපයක් පමණක් පදනම් කර ගෙන, එරටින් පිටවීම සදහා ”තාවකාලික ගමන් බලපත්‍ර” ලබා දීම සිදු කළ අතර, මෙම කටයුතු සියල්ල කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතාගේ පූර්ණ අධීක්ෂණය සහ උපදේශකත්වය යටතේ එම තානාපති කාර්යාලීය නිලධාරීන් විසින් සිදු කර තිබෙනවා.

එසේ කුවේට් රාජ්‍යයෙන් පිට වන ශ්‍රී ලාංකිකයන් හට ”විශේෂ වට්ටම්” සහිත සහන මිළ ගණන් යටතේ ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම සදහාද, කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රය තුළ ශ්‍රී ලන්කන් ගුවන් සේවා කවුන්ටරයක් සහ තවත් ගුවන් සේවා ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමේ නියෝජිත ආයතන කවුන්ටර් කීපයක්ද පිහිටුවා තිබූ බවද, එම ප්‍රවෘත්ති නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

Exit mobile version