Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පුරාවස්තු හා පුරාවිද්‍යාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට ‘පුරාවිද්‍යා දෙසතිය’ක්

පුරාවස්තු හා පුරාවිද්‍යාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට 'පුරාවිද්‍යා දෙසතිය'ක්

පුරාවස්තු හා පුරාවිද්‍යාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට 'පුරාවිද්‍යා දෙසතිය'ක්

මෙරට ඉතිහාසය පිළිබඳව ඇති දැනුම වියැකෙමින් යන මොහොතක, පුරාවස්තු හා පුරාවිද්‍යාව පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පුරාවිද්‍යා දිනය නිමිති කොටගෙන‘පුරාවිද්‍යා දෙසතිය’ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.

පුරාවිද්‍යා දිනයට සමගාමීව පැවැත්වෙන පුරාවිද්‍යා දෙසතිය වැඩසටහන පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ (12) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ.

මෙම පුරාවිද්‍යා දෙසතිය වැඩසටහන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් සංවිධානය කර ඇති බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.

ඒ අනුව මෙම ‘පුරාවිද්‍යා දෙසතිය’ වැඩසටහන තුළින් සෑම පළාතකම සහ දිස්ත්‍රික්කයකම පුරාවිද්‍යා කාර්යාල හරහා පාසල් සිසු දරුවන්, රාජ්‍ය නිලධාරීන් සහ පුරාවිද්‍යාව පිළිබඳව උනන්දුවක් දක්වන කණ්ඩායම් සඳහා පුරාවිද්‍යාව, උරුම කළමනාකරණය, පුරාවස්තු ආරක්ෂා කර ගැනීම, එහි නෛතික පදනම පිළිබඳව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ සහ වැඩසටහන් සිදුකරන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ඩී. තුසිත මැන්දිස් මහතා එහිදී පෙන්වා දුන්නා.

එසේම සංකල්පීය වශයෙන් ආරම්භ කිරීමට නියමිත වෙස්සගිරිය ලෝක උරුම උද්‍යානය හරහා පුරාවිද්‍යාව පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ.

ඒ අනුව අනුරාධපුර, සීගිරිය, පඬුවස් නුවර, අම්පාර, මාතර, දඹදෙණිය, යාපහුව, මහනුවර, පොළොන්නරුව, අම්බලන්තොට, මොනරාගල සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක තුළ පුරාවිද්‍යා දෙසතිය වැඩසටහනට අදාලව ව්‍යාපෘති ගණනාවක් සිදු කිරීමට නියමිත බව මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා එහිදී සඳහන් කළා.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අතිරේක ලේකම් කේ. ඒ. ඩී. ආර්. නිශාන්ති ජයසිංහ මහත්මිය මෙම අවස්ථාවට එක්ව සිටියා.

Exit mobile version